Uncategorized

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමේ වගකීම උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු කණ්ඩායමට භාර දී තිබේ. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් සුවය ලබන තුරු එම කාර්යය උප ජනාධිපති මයික් පෙන්ස්ට පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, ධවල මන්දිරයේ උපදේශකයින් කිහිප දෙනෙකු සහ රිපබ්ලිකන් පක්ෂයේ නීති සම්පාදකයින් කිහිපදෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.

තමන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප‍්‍රකාශ කළේ ඊයේ දිනයේදීයි. මේ වනවිට ඔහු මේරිලන්ඞ්හි පිහිටි වෝල්ටර් රීඞ් ජාතික හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More