දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ.
ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.
මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබුණු බවය.
බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.
ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...