දේශීය පුවත්

20 වන ව්‍යවස්ථා සංසෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩි බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (03) වව්නියාවේදී පැවති වන්නි දිස්ත්‍රීක්කයේ මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සෘජුවම සාකච්චා කිරීමේ වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ 20 වන ව්‍යවස්ථා සංසෝධනයට සහය දැක්වීම සඳහා අපි 225 ටම ආරාධනා කරලා තියනවා ඒ නිසා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහය දැක්වීම ඔහුගේ හෘද්ද සාක්ෂිය අනුව කටයුතු කරයි. නමුත් අපේ පක්ෂයට එකතු කරගත යුතු නැහැ කියන තීරනේ මම ඉන්නවා මොකද එතුමන් සම්බන්ධයෙන් මේ වන විට යම් කිසි ප්‍රශ්නයක් තියන නිසා. යනුවෙනි.

එමෙන්ම යුද සමයේදී අත්රුදහන් වූවන් සමබන්ධයෙන් ඇත්ත වශයෙන්ම ප්‍රශන්යක් තියනවා මම අතුරුදහන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් හුගක් අධ්‍යන්ය කරපු කෙනෙක් විදිහට අවුරුදු 30 කට වැඩි කාලයක් යුද්දයක් තිබුනු රටක මිනිස්සු තිස් හතලිස් දහසක් මැරුණු වාතාවරණයක අතුරුදුහන් වූවන් සම්බන්ධයෙනුත් අපට තීරණයකට එන්න පුලුවන් මොකද ඒ අය එක්කෝ මිය යන්න ඕන නැත්නම් විදෙස්ගත වෙලා ඉන්න ඕන.

උදාහරණයක් වශයෙන් යුද්දය පවතින අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ප්‍රදේශයන්ට මැදිව යුද හමුදාවෙන් පිරිසක් ඔවුන්ගේ ප්‍රහාරවලින් මිය යනවා නමුත් ඒ අයගේ මළ සිරුරු හෝ හමු නොවන අවස්ථා තියනවා ඒ අයත් අතුරුදහන් ලැයිස්තුවේ තමයි නම් කරන්නේ පැහැදිලිවම එල්.එල්.ආර්.සී. වාර්ථාවේ යුද්දය හේතුවෙන් 21,000 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා ඉන් පන්දාහත් හයදාහත් අතර ප්‍රමාණයක් යුදහමුදාවේ පිරිසක් ඉන්නවා අපි මෙහි සත්‍යතාවය වටහා ගත යුතුයි. යනුවෙනි.

තවද මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, වව්නියාව දිස්ත්‍රීක් ලේකම් සමන් බන්ධුල සේන, මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More