දේශීය පුවත්

හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හිටපු හමුදා නිලධාරීන් 59 කට එරෙහිව විදේශ රටවලදී දඬුවම් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග්‍රෙයිස් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත යෝජනා කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප‍්‍රකාශ කර තිබේ.

පැබ්ලෝ ඩි ග්‍රෙයිස් පිටු 19 කින් යුත් සිය වාර්තාව පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ වනවිට හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය සර්ව ලෝක නීතිය ප‍්‍රකාශයට පත්කර තිබේ.

මෙම නීතිය යටතේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගත හැකිය.

ඇමරිකානු රජය විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරටට පැමිණීම තහනම් කර ඇති අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ඔස්ටේ‍්‍රලියාවට පැමිණීම තහනම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More