දේශීය පුවත්

රිෂාඩ් බදිඋදීන් ආණ්ඩුවට එක්වන බවට සමාජයේ පැතිරෙන කථාබහ පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ අප ඇසූ ප්‍රශ්ණයට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන්,

” ඉස්ලාම් අන්තවාදය රාජ්‍ය බලය තුළ නියෝජනය වෙමින් ප්‍රචලිත කිරීම සඳහා තෝරාගත් ප්‍රධාන පුද්ගලයා තමයි රිෂාඩ් බදිඋදීන්. ඒ ලැයිස්තුවේම තමයි හකීම්ලා සහ හිස්බුල්ලා ඉන්නෙත්. ආණ්ඩු බලය නැති වූ පමණින් ඔවුන්ගේ භූමිකාව අවසන් වෙන්නේ නැහැ. නමුත් නැවත ආණ්ඩුව තුළ භුමීකාව අතට ගන්න පුළුවන් නම් ඔවුන් කැමතියි. ඒකට තමයි දැන් උත්සහා කරන්නේ. අණ්ඩුවේ යම් පිරිසක් සිටිනවා රිෂාඩ්ලාගේ ඡන්ද වලින් ඊළඟ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන. මහජන විරෝධය පැනනැගුණු පමණින් ඉස්ලාම් අන්තවාදයේ මාර්ග සිතියම වෙනස් වන්නේ නැහැ. රිෂාඩ්ලාට ප්‍රභල විරෝධයක් මතු වුනොත් ඔහුට වෙනත් භූමිකාවක් පවරන අතර ඔහුගේ ගෝලයින් ස්වාධීන වීමේ නාමයෙන් ආණ්ඩුව ඇතුළට රිංගවලා ඇමතිකමක් ගන්න අන්තවාදී බලවේග උත්සහා කරනවා. නමුත් එකක් කියන්න ඕනි. ආණ්ඩුව ඇතුළට රිෂාඩ් ගත්තත්, ගෝලයින් ගන්නත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා. රුවන්වැලිසෑයේදී ජනාධිපතිතුමා කිව්ව එතුමා දිනවපු ජනතාවගේ හදවත් වෙනස් වෙනවා. ඒක ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට කිසිඳු සැකයක් නැහැ. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More