දේශීය පුවත්

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ රථ වාහන 300කට අධික සංඛ‍්‍යාවක් රේගු භාරයට ගෙන තිබේ.

පසුගිය මාස කිහිපය තුළ එම රථ වාහන මෙරටට ආනයනය කර ඇති අතර ඒවායේ ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

රට තුළ පැවැති වාතාවරණය තුළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම රජය විසින් සීමා කරන ලදි.

ඒ අතර වාහන ආනයනය නොකිරීම මුල් තැනක් ගත් බව ද සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

එවැනි වාතාවරණයක් තුළ රජයේ සේවකයින්ට ලබාදී ඇති තීරුබදු රහිත පහසුකම යටතේ මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී මෝටර් රථ කිහිපයක් ද ඒ අතර වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ පරික්ෂණ බොහෝදුරට අවසන් කර ඇති බව පැවසූ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ රට තුළ පවතින නීතිමය තත්ත්වය තුළ එම රථ වාහන රාජසන්තක කිරීමට පවා සිදු විය හැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More