විදේශ පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයාව වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කළ බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි වෙහෙසකර තත්ත්වයකට මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවයි ඔහුගේ උපදේශකවරයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වෛරසය ආසාදනය වීමෙන් පැය 24ක් ගතවීමට පෙර ජනාධිපතිවරයාව රෝහල් ගත කිරිමට හේතුව එය බව සඳහන්.

කෙසේ වුවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ජනාධිපති ට්‍රම්ප් මුඛ ආවරණයක් පැළද ධවල මන්දිරයේ සිට “මැරීන් වන්” හෙලිකොප්ටරය වෙත ඇවිද ගෙන යන අයුරු සහ ඈතින් රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හස්ත සංඥාවෙන් තමන් හොදින් බවට දැක්වෙන සංඥාවක් සිදුකළ අයුරු දක්නට ලැබුණා.

ධවල මන්දිරය වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරිමට නියමිතයි.ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති මයික් පෙන්ස් හට බලය පැවරීමක් සිදුකොට නොමැති බව සඳහන්.

මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ලොවපුරා රාජ්‍ය නායකයින් අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ඉක්මන් සුවය පතා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More