දේශීය පුවත්

20 වෙනි සංශෝධනයේ වගන්ති බහුතරයක් දෝෂ සහිත බැවින් ඊට අනුමැතිය ලබාදිය නොහැකිය යන්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය බව එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම සංගමය විසින් පත්කළ කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග මහතා පවසයි.

“20 වෙනි සංශෝධනයේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි. ඒනිසා ඒ වගන්තිවලට අනුමැතිය දිය නොහැකි බවට තමයි නීතීඥ සංගමය තීරණය කළේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම 20න් ජනාධිපතිවරයාට ලැබෙන මුක්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ කිසිම කෙනෙක් නීතියට උඩින් ඉන්න බෑ. ජනතාව අතේ තමයි ස්වෛරීත්වය, ස්වෛරීභාවය තියෙන්නෙ. ඉතිං ජනාධිපතිතුමාගේ නිල ක්‍රියාවක් හේතුකොටගෙන ඒ ස්වෛරීත්වයට හානි වෙනවා නම්, ක්‍රියාවකින් හෝ ක්‍රියාවකින් තොරව කෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් එතකොට සිද්ධ වෙනවා ජනාධිපතිතුමාට එරෙහිව අධිකරණයට ඇවිල්ලා අධිකරණයෙන් සහනයක් ලබාගන්න. ඒ සහනය තිබුණා, දැන් අද වෙනකොටත් ඒක තියෙනවා. ඒ සහනය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

20 පිළිබඳ නීතීඥ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ “ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා, මං හිතන්නෙ සඳුදා අධිකරණයේ පෙත්සමක් ගොනු කරයි. අඟහරුවාදා ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් විමසීම් කරනවා. ඒ අනුව නීතීඥ සංගමය ඉදිරි පියවර ගන්නවා” යනුවෙනි.

එසේම 20 හරහා අධිකරණයේ ස්වාධීනත්වයට අත්වන බලපෑම සම්බන්ධයෙන් “20 ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණොත් උපරිම අධිකරණය ඇතුළු අධිකරණවලට සියලුම විනිශ්චයකාරවරුන් පත් කරන්නෙ එක පුද්ගලයෙක් ඔහුගේ අභිමතය පරිදි. ඒ තමයි ජනාධිපතිතුමා. එතකොට එතන අත්තනෝමතික විදියට පත්වීම් සිද්ධවෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට කැමති විනිශ්චයකාරවරුන් දාන්න පුළුවන්, කැමති නැත්නම් හේතුවක් දක්වලා ඒගොල්ලො ඉවත් කරන්නත් පුළුවන්. හේතුව මොකද්ද කියලා කියලා නෑ” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල වලට 20න් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ඒ මහතා පැවසුවේ “එතන තමයි ප්‍රශ්නේ තියෙන්නෙ. මේ විදියට ගියොත් පාර්ලිමේන්තුව නිකම්ම නිකම් සභාවක් බවට පත්වෙනවා, එච්චරයි. පාර්ලිමේන්තුවෙ බලයක් නැතිවෙනවා. දැන් බලන්නකො ඔතන ඉන්න අයගෙන් බහුතරයක් 17ට අත ඉස්සුවා, 18ට අත ඉස්සුවා, 19ට අත ඉස්සුවා දැන් මං හිතන්නෙ 20ටත් උස්සයි, ඒකයි වෙන්නෙ” යනුවෙනි.

ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග මහතා මේ බව පැවසුවේ ඊයේ (27) නිව්ස් ෆස්‍ට් ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More