දිවයින පුරා අධිකරණවලින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇති මත්ද්‍රව්‍ය නියැදි (සාම්පල) 9000ක් පරීක්ෂා කර වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාදව ඇත.
මෙම ප්‍රමාදයට හේතුවී ඇත්තේ ඒවා පරීක්ෂා කිරීම සඳහා සිටින නිලධාරීන් සංඛ්‍යාව 14 දෙනෙක් වැනි ඉතා අඩු සංඛ්‍යාවක් වීම බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේය.
2015 වර්ෂයේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අධිකරණවලින් ලැබුණු මත්ද්‍රව්‍ය නියැදි ප්‍රමාණය 6700ක් බව කී ඇමැතිවරයා 2016 දී නියැදි 7900ක්, 2017 දී නියැදි 9000ක්, 2018 දී 11000ක් සහ 2019 දී 16000ක් ලෙස එම ප්‍රමාණය වැඩි වී ඇතැයි කීය.
නිලධාරීන් නොමැති නිසා මේ වන විට නියැදි 9000ක වාර්තා ලබාදීම ප්‍රමාද වී ඇතැයිද, 2015 දී සිටි නිලධාරීන් 14ක සංඛ්‍යාව මෙතෙක් ඉහළ දමා නැතැයිද කීය.
මේ නිසා දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් 28ක් බඳවා ගත් බවද, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනකුද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගත් බවද කී ඇමැතිවරයා පමා වූ රස පරීක්ෂක වාර්තා මාස තුනෙන් ලබා දීමට කටයුතු කරන බවද කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...