දේශීය පුවත්

හදිසි අවස්ථාවකදී රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මාස හයකට තරම් ප්‍රමාණවත් ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

කොවිඩ් – 19 වැනි වයිරස් වසංගතයක් ඉදිරියේදී ඇති වුවහොත් රෝගී ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට බාධා ඇති වන බව අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

එම නිසා ඖෂධ හා වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ඒකල හා දිගන නව ඖෂධ ගබඩා දෙකක් ඉදි කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. විශේෂයෙන් මහනුවර දිගන ප්‍රදේශයේ ඉදිරියේදී විවෘත කිරීමට නියමිත සේලයින් නිෂ්පාදනද රැස් කර තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැත. එම නිසා මහවැලි අධිකාරියට අයත් ගඩබාවක් භාවිත කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත. වැලිසර ප්‍ර‍දේශයේ දැනට ඉදිකෙරෙන ගබඩාවේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More