දේශීය පුවත්

සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙම අදහස් හුවමාරු කරගත්තේ අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු සමග පැවැත්වූ ප්‍රථම විශේෂ සාකච්ඡාව මෙයයි. දෙරටේ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.

දෙරටේ නායකයිනගේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සහ ආරක්ෂක අංශයන්හි ශ්‍රී ලංකාවට ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ.

දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති දෙපාර්වයේම අන්‍යෝන්‍ය අවශ්‍යතා අනුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අගමැති මෝදි විශ්වාසය පල කර තිබේ.

ධීවරයින් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා කටයුතු කිරීමට ද දෙරටේ නායකයින් එකඟ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

තවත් ඩොලර් බිලියනයක මුදල් හුවමාරු පහසුකමක ඉල්ලීමක් සම්බන්ධයෙන් ද මෙම නිවේදනයේ සඳහන් වේ. අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් ද පැවැත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More