දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු කිහිපයක් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔක්තෝබර් මස 5 වන දා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටින්නේ ඔක්තෝබර් මස 6 වන දායි. මේ දක්වා ජනාධිපති විමර්ශන කොමිසමේදී ඇතැම් ප්‍රධාන නිලධාරීන් සාක්ෂි දීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් චෝදනා එල්ල කර තිබේ.

මෙම චෝදනාවලට තමා අනිවාර්යයෙන් ම පිළිතුරු දෙන බවත් ඊට අමතරව තවත් කරුණු හෙළිකරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කොට තිබේ.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ඒ මහතා කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

“ලබන 6 වන දා මටත් පාස්කු කොමිසමට එන්න කියලා තියෙනවා. මම යනවා. එතැනදී තව බොහෝ දේවල් හෙළිවේවි” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී ම එකිනෙකාට චෝදනා කරගත් අතර එය ජනාධිපති කොමිසම හමුවේ ඇතැම් නිලධාරීන්ගේ සාක්ෂිවලින්ද පිළිබිඹු විය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන විශාලත ම දුර්වලතාවක් වශයෙන් ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ පවතින අර්බුදය පෙන්වා දිය හැකි බවත් ඊට හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්ව එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම බවත් දේශපාලන විශ්ලේෂකයෝ සහ නීති විශාරදයෝ පෙන්වා දෙති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More