පුරවැසි කොලම

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 75 ක් සපිරුණි. මෙහිදී වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සමුළුව ඇමතූ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පැවසුවේ රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට එක්සත් ජාතීන් කි‍්‍රයා කළ යුතු බවයි. එසේ වුවත් මෙරට කටයුතුවලට එක්සත් ජාතීන්ගේ  සාමාජික රටවල් බරපතළ ලෙස සෘජුව මැදිහත් වේ. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, යුරෝපා සංගමය, ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තවදුරටත් ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට මැදිහත්වී විවිධ නිර්දේශ  ඉදිරිපත් කර තිබේ.

එහෙත් මේ රටවල් ආසියානු, අපි‍්‍රකානු සහ ලතින් ඇමරිකානු රටවල්වල කටයුතුවලටද මැදිහත් වී ඇත. ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වුවත් වෙනත් බලවත් රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කර ඇත. එසේ වුවත් එම රටවල් බරපතළ අපරාධ සිදු කරද්දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරු නිහඬව සිටියහ.

ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය එක්ව ලිබියාවට බෝම්බ දමා කර්නල් ගඩාපිව ඝාතනය කළේ ඉතා ම්ලේච්ඡ ලෙසිනි. ඉරාකය සතුව මහා විනාශකාරී අවි ඇතැයි පවසමින් ඉරාක ජනපති සදාම් හුසේන් එල්ලා මරා දැමීය. එසේම වියට්නාම් යුද්ධයේදි වියට්නාම් වැසියන් මිලියන දෙකක් ඝාතනය විය. මේ හැර ඇමරිකාව විසින් ඒජන්ට් ඔරේන්ජ් නමැති රසායනික ද්‍රව්‍ය වියට්නාමයේ වනාන්තරවලට දමා මහා විනාශයක් කළේය. ඊට සමගාමීව ඇමරිකාව විසින් හිරෝෂිමා නුවරට පරමාණු බෝම්බ දමා 140000 ක ජනකායක් ද, නාගසාකි නුවරටද පරමාණු බෝම්බ දමා 80000 කට අධික පිරිසක්ද ඝානය කරනු ලැබීය.

බි‍්‍රතාන්‍ය – ඇමරිකාව සමග ඔවුන්ට එක්වූ මිත‍්‍ර රටවල් ඉරාකයට සිදු කළේ ද විනාශයකි. ඉරාක යුද්ධයේදී විශාල ජන සමූහයක් මියගියහ. තවත් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වූහ.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්‍ෂණයක් සිදු කළේ ද මෑතකදී ජාත්‍යන්්තර අධිකරණය විසින් ඇමරිකානු සෙබළුන් ඇෆ්ගනිස්ථානයේදී යුද අපරාධ සිදු කළ බවට දක්වමින් විමර්ශන පැවැත්වීමට කි‍්‍රයා කරන අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊට එරෙහි වී ජාත්‍යන්තර අධිකරණයේ සිටින විනිසුරුවරුන්ගේ සියලූ වත්කම් තහනම් කරන බවට තර්ජනය කළේය.

එම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටාරෙස් නිහඬ විය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඊශ‍්‍රායලයට එරෙහිව යෝජනා   රැුසක් ඉදිරිපත්වීම නිසා කෝපයට පත් ඇමරිකාව එම කවුන්සිලයට ලබාදෙන අරමුදල් තහනම් කරන බව පවසනු ලැබීය. මා ජිනිවා මානව හිමිකම් සමුළු ශාලාවේ සිටින විට තවත් සිද්ධියක් දැකගත හැකි විය. ඒ යේමනයේ යුද අපරාධ ගැන නෙදර්ලන්තය විසින් සවුදිඅරාබියාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා න්‍යායපත‍්‍රයට යොමු කර තිබියදී ඇමරිකාව අවසාන මොහොතේ එම යෝජනාව ඉවත් කර ගන්නා ලෙස නෙදර්ලන්තයට නියෝග කිරීමයි.

මෙවන් පසුබිමක් මැද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද බලවත් රටවල රූකඩයක් වී ඇත. එසේම ශී‍්‍ර ලංකාව වැනි රටවලට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පැමිණ රටේ අභ්‍යන්තර කටයුතු ගැන විමර්ශනය කළත් බටහිර රටවලට ගොස් විමර්ශන පවත්වන්නේ නැත.

මෑතකදී එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඉන්දියාවට පැමිණීමට කළ ඉල්ලීමද ප‍්‍රතික්‍ෂේප විය.

එහෙත් 2015 ජනවාරි මස යහපාලන ජනපති පත්වූ දින පටන් 2019 වසර දක්වා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් රැසක් මෙරටට සම්ප‍්‍රාප්ත වූහ. ඔවුන්ට සිර ගෙවල්, හමුදා කඳවුරු, රහස් පොලිස් මූලස්ථානය, ත‍්‍රස්ත මර්දන ඒකකය සහ පොලිස් ස්ථාන ද විවෘත විය.

මේ නියෝජිතයන්ට විවෘත නොවූයේ ජනපති කාර්යාලය සහ අරලියගහ මැඳුර පමණකි. එම සමයේ එක් විදේශ ලේකම්වරයෙක් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ට රටේ හමුදා කඳවුරුවලට යෑමට ඉඩ දුන්නේ රජයේ බලධාරීන්ගේ අවසරය රහිතවය. මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ මෙරට ජාතික ආරක්‍ෂාව, අධිකරණය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද මැදිහත් වූහ.

මෙම මැදිහත්වීම කොතරම් උච්ච තත්ත්වයකට පත් වූයේද කීවොත් එක්සත් ජාතීන්ගේ එක් නියෝජිතයෙක් 19 වැනි සංශෝධනය අහෝසි නොකරනු යැයි වත්මන් රජයට කියා සිටියේය.

පැබ්ලෝ ඩි ග්‍රෙයිප් නමැති විශේෂ නියෝජිතයා 2020 සැප්තැම්බර් මානව හිමිකම් සමුළුවට වාර්තාවක් ගොනු කරමින් උතුරු නැගෙනහිර හමුදාව අඩු කරනු යැයි ද නිර්දේශ කර තිබිණි.

එහෙත් මොවුන් ජපානයේ ඔකිනාවාහි ඇමරිකානු කඳවුර ඉවත් කර ගන්නැයි ඇමරිකාවට කියන්නේ නැත.

මේ තත්ත්වය මැද පසුගියදා පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡුාවකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම ගැන අවධානය යොමු වී ඇති බවයි. එහෙත් ශී‍්‍ර ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්‍ෂණ මට්ටමේ කි‍්‍රයා කරන නිසා ඉවත් වීමේ ප‍්‍රශ්නය මතු නොවේ.

මානව හිමිකම් සමුළුව තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව විටින් විට බරපතළ චෝදනා එල්ලවෙද්දී කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වීමට කි‍්‍රයා නොකිරීම නිසා හානිදායක තත්ත්වයක් වර්ධනය විය. චීනයට බරපතළ චෝදනා එල්ල වන අවස්ථාවේ චීන තානාපති නිලධාරියා මේසයට ගසා එම චෝදනා නතර කරද්දී ජිනීවා ශී‍්‍ර ලංකා තානාපති පැත්ත පළාතෙවත් සිටියේ නැත.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ ඒකපාක්‍ෂික කි‍්‍රයාදාමය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත පැමිණිල්ලක් පවා ඉදිරිපත් වූයේ නැත.

කොළඹ සිට ජිනීවා ගිය උතුරේ බෙදුම්වාදී දේශපාලනඥයෝ අපි‍්‍රකානු රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ගෙවා ඔවුන්ගේ කාලයද ශී‍්‍ර ලංකාවට චෝදනා එල්ල කිරීමට භාවිතා කළහ. මේ වංචනික කි‍්‍රයා ගැන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන මූලස්ථානය වෙත පැමිණිල්ලක් කිරීමටද ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය කි‍්‍රයා කළේ නැත.

මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවූ දූෂිත කි‍්‍රයා කොතරම් වර්ධනය වූවා ද කිවහොත් තමිල්නාඩුවේ චෙන්නායි නුවරින් කුලියට ගත් පිරිස්වලට ද මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩ ලැබුණි. එහි ප‍්‍රතිඵලයක් වූයේ ඔවුන් ඉන්දීය රජයටද චෝදනා නැඟීමයි. එහෙත් ඉන්දීය රජය තිරුමුරුගන් ගාන්ධි නමැති බෙදුම්වාදියා ඉන්දියාවට පැමැණීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි.

මෙවන් තොරතුරු හෙළිවෙද්දී එක්සත් ජාතීන්ගේ

සංවිධානයද අද අනුගමනය කරන්නේ ද්විත්ව රංගනයකි. ඉරාකයට එරෙහිව යුද වැදීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය පවා ලබාගැනීමට ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය කි‍්‍රයාකර නැතැයි මහලේකම්ට වාර්තාව වුවත් ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.

මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ සංවිධානය සුපිරි බලවතුන්ට හිස නමා ඇතැයි තහවුරු වේ.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් රටවල් රැුසකට එරෙහිව සිදු කරන සාවi යුද අපරාධ චෝදනා ගැන මහලේකම් අන්තෝනියෝ ගුටරේස් නිහඬව සිටින බව පැහැදිලි වේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරේ ඇති විශ්වාසය පළුදු වීමකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් විශ්වාසය පිළිබඳ අර්බුදයක් මතුවී ඇති බව පැවසුවේය.

එසේම එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ තවදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විනිවිදභාවයකින් කි‍්‍රයා කළ යුතු බවයි. රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙලෙස පවසා ඇත. ‘‘ශී‍්‍ර ලංකා භූමියෙන් ත‍්‍රස්තවාදය තුරන් කර ඇතත් ජාත්‍යන්තර ජාලය ඔවුන්ගේ ම්ලේච්ඡු න්‍යාය ඉදිරිපත් කරමින් සමහර රටවල අගනුවරවල්වලදී සාවi ප‍්‍රචාර දියත් කරමින් සිටී.

පටු දේශපාලන අරමුණු නොව ත‍්‍රස්තවාදය මර්දනය කිරීම උදෙසා ශී‍්‍ර ලංකාවට දැන්වත් සහය දැක්විය යුතුයි.

ශී‍්‍ර ලංකා ජනපතිවරයා මෙම ප‍්‍රකාශය කළේ ගත වූ දින කීපයේදී ජිනීවා, ලන්ඩන් සහ ටොරොන්ටෝ යන නගරවල කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් ශී‍්‍ර ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වීම නිසාය.

එසේම ස්විට්සර්ලන්තය කොටි සංවිධානය තහනම් කර නැත. බි‍්‍රතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම් වී ඇතත් කොටි විරෝධතාවලට එරට රජය ඉඩ දී තිබේ.

කැනඩා අගමැති ප‍්‍රමුඛ රජය සෘජුව කොටි ඩයස්පෝරාවට සහය දක්වන අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව විවිධ සාවi ප‍්‍රචාර දියත් කිරීමටද ඉඩ දී ඇත.

මේ අතර රටින් පිටත ඊළම් ආණ්ඩුව නමැති සංවිධානය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත සන්දේශයක් යවමින් මියගිය කොටි සැමරීම සඳහා ඉඩ දෙන ලෙස රජයට උපදෙස් දෙන්නැයි ප‍්‍රකාශ කර තිබේ.

එහෙත් ත‍්‍රස්තවාදීන් සැමරීමට අවසර දිය යුතුද?

මෙවන් තත්ත්වයක් මත යුරෝපා රටවල් රැුසක් කොටි මිනීමරුවෝ සැමරීමට ඉඩදී ඇති අතර ඊට සමහර මන්තී‍්‍රවරුන් ද සම්බන්ධ වී තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජාතීන්ගේ

ප‍්‍රඥාප්තියක් ඇතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි.

මෙරටින් පැන ගිය කොටි මිනීමරුවන්

රැුසක් කැනඩාව, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ස්වීඩනය සහ ප‍්‍රංශය යන රටවල සිටිති.

ඔවුන්ට එරෙහිව සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක නොවේ. ජාත්‍යන්තර මානුෂීය නීතියද කි‍්‍රයාත්මක වන්නේ නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 75 ක් සපිරුනත් ත‍්‍රස්තවාදීහු රටවල් රැුසක සුවසේ ජීවත් වෙති. එම ත‍්‍රස්තවාදීන්ට ඇතැම් රටවල් පිං පඩියක් ද ගෙවනු ලබයි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව යුදවැදීම සඳහා ස්විස් බැංකුවකින් ණය ගෙන ඩුබායි අවි ඒජන්තවරුන්ට යැවූ ස්විස් කොටි කි‍්‍රයාකාරීන් 10 කට එරෙහිව ස්විස් නීතිපති පවරා තිබූ නඩුව පරාජය වී එම කොටින්ට වන්දි ගෙවීමට ස්විස් රජයට සිදුවිය.

මෙය අවාසානාවන්ත තත්ත්වයකි. මේ නිසා ඇතැම් රටවල් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්ති ගැන පවා තැකීමක් නොකරන බව තහවුරු වී ඇත.

මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන දෙබිඩි පිළිවෙත නිසා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයකු වූ ඩැග්හැමර්ෂල් ජෝල්ඞ්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදු විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තමන් සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව තවදුරටත් සනාථ වී ඇත.

පසුගියදා බි‍්‍රතාන්‍ය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, ජර්මනිය සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව හමුවේ චෝදනා නැඟීය. ඒ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව කියා හමුදා නිලධාරීන්ට දඬුවම් නොකිරීමටයි.

එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා බි‍්‍රතාන්‍ය රජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරමින්

ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද අපරාධ සිදු කළ බි‍්‍රතාන්‍ය සෙබළුන් ඊට වගවිය යුතු නැතැයි කියා සිටියේය.

එම කි‍්‍රයාව බි‍්‍රතාන්‍යයේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කිරීමකි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තම සෙබළුන් බේරා ගැනීමටත් අනිකුත් රටවල්වල සෙබළුන්ට දඬුවම් කළයුතු යැයි දැක්වීම සදාචාර විරෝධී කි‍්‍රයාවක් නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More