ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25) සවස ඉපලෝගම පොලිසිය සහ යුධ හමුදා බුද්ධි අංශ එක්ව කළ වැටළීමකදී මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65ක් සමඟ අත් අඩංගුවට පත්ව ඇත.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් ළග තබාගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදකි.
මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද හෙරොයින් ජාවාරමේ නිරතවූ ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට පත්වූ අතර මැයි මාසයේදී එම පක්ෂයෙහි යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද එම චෝදනා මතම අත් අඩංගුවට පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...