කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් වාචික පිළිතුරක් අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ප‍්‍රශ්නයක් විමසූ අවස්ථාවේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සමග ඇති වූ වචන හුවමාරුව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
ඇමැති අලි සබ්රි මහතා ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් ද මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
ෂාෆි සම්බන්ධ නඩු කටයුත්තේදී මෙතෙක් එහි ක‍්‍රියාමාර්ග මෙන්ම ඊට පෙනී සිටින නීතිඥවරුන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව චමින්ද විජේසිරි (ස. ජ. බ.) මහතා අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගෙන් විමසා තිබිණි.
කෙසේ වෙතත් මෙම නඩු කටයුත්ත තවමත් අධිකරණය ඉදිරියේ පවතින බැවින් ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මැදිහත් වීමක් හෝ වෙනයම් බලපෑම් නොකරන බව ඇමැතිවරයා එහිදී කීය.
චමින්ද විජේසිරි මහතා,
මේක තවමත් අධිකරණය ඉදිරියේ තිබෙන බව මා දන්නවා. ඒවා මට අහන්න බෑ. මම අහන්නේ මේකට සම්බන්ධ වෙලා සිටින නීතිඥවරු ගැන විතරයි. මොකද ආණ්ඩුව ලබාගැනීම වෙනුවෙන් සිංහල – බෞද්ධ අයගේ මහා විරෝධයක් ෂාෆි ෂිහාබ්දීන් කියන වෛiවරයාට ආවේ. ඔහු කරපු මහා විනාශය, ඒ විනාශකාරී තත්ත්වය සම්බන්ධයෙන් නඩුව ගැන මම අහන්නේ නෑ. මම අහන්නේ නීතිඥවරු ගැන පමණයි. අධිකරණ අමාත්‍යාංශයෙන් බැහැරවෙලා එහෙනම් අපි අහන්න ඕන අමාත්‍යාංශය ගැසට් කරලා තිබෙන්නේ කොහේද කියලා.
අධිකරණ ඇමැති අලි සබ්රි මහතා,
ලංකාවේ මේ වනවිට නඩු හත්ලක්‍ෂ අනූපන්දහසක් තිබෙනවා. ඒවාට පෙනී සිටින නීතිඥවරුන්ගේ නම් ලබාදීමේ හැකියාවක් අධිකරණ අමාත්‍යාංශයට නෑ. ඔබතුමාට අවශ්‍ය නම් මුදල් ගෙවලා එහි සහතික පිටපතක් ගන්න පුළුවන් මේක තව නඩුවක් විතරයි.
දෙවැන්න ඒ නඩුව ගැන ඔහු උපදෙස් ගන්නේ කොහෙන්ද කියන එක අධිකරණ අමාත්‍යාංශයට අදාළ නෑ. අධිකරණයේ තිබෙන නඩුවලට අමාත්‍යාංශය මැදිහත්වෙන්නේ ගිය ආණ්ඩුව කාලයේ වගේ කාටවත් කෝල් දෙන්නේ නෑ. මිනිස්සු තෝරගෙන අධිකරණ හදන්නේ නෑ. අපි නඩු සම්බන්ධයෙන් මැදිහත්වීමක් නෑ. ඒක නොකළ යුතුයි කියලයි මගේ අදහස.
චමින්ද විජේසිරි මහතා,
20 සම්මත වුණාට පස්සෙ ඔබතුමන් කොතැනද ඉන්නේ කියලා අපි බලාගමු. මේ කාරණයේදී ඔහු වඳ සැත්කම් කරලා තිබෙනවාද කියලා ඔබතුමා දැනුවත්ද?
කථානායක – මේක අදාළ නෑනේ. වෙන පැත්තකට යනවා මේක දැන්. මේක වෙනත් පැත්තකට යොමු කරයි.
චමින්ද විජේසිරි – මේ ගැන දැනුවත් කියලා ඔහු මුලින් කිව්වා. දන්නේ මෙච්චරද කියලා මම අහන්නේ. අපි නඩු ගැන කතා කරලා නෑනේ. පැවතුණු ආණ්ඩුව කාලේ ඒවාට දඬුවම් දෙන්න කියලා අපි කෑගැහුවා. අපි බලමුකෝ ටයි-කෝට් ඇඳගෙන ඉන්න ඇමැතිතුමා ඒ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් සලකන විදිය 20 ආවට පස්සේ.
අධිකරණ ඇමැති අලි සබ්රි මහතා,
ඇයි මට ඕන එක අඳින්න බැරිද? ඔබතුමා වගේ මමත් අඳින්න ඕනද? මට අවශ්‍ය දේ මම අඳිනවා. මම අඳින්නේ අධිකරණයට අවශ්‍ය ආකාරයට. ඔබතුමා කවුද? ඔබතුමාට අවශ්‍ය විදියට ද මම අඳින්න ඕනෙ. ඔබතුමා ජාතිවාදය අවුස්සන්න එපා. අධිකරණයේ තියෙන නඩු ගැන අපෙන් ප‍්‍රශ්න අහන්නේ. සහජීවනය ගැන කතා කරන්න එපා. තනිකරම වැරදියි.
තුෂාර ඉඳුනිල් මහතා,
මන්ත‍්‍රීවරුන්ට තියෙන අයිතියක් තමයි ප‍්‍රශ්න අහන එක. ඇමැතිවරුන්ට තිබෙන වගකීමක් තමයි වගකීමෙන් පරිනතව උත්තර දෙන එක. මේ පාර්ලිමේන්තුවට හා හා පුරා කියලා ආපු ඇමැතිවරයෙක් කෝපවෙලා. ආවේගශීලීව චණ්ඩියෙක් වගේ. මේ වියත්මඟද?
මොහොමඞ් මුසම්මිල් මහතා,
අධිකරණ විනිශ්චයේ භාජනය වෙමින් තිබෙන නඩු කාරණයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් අහන්න බෑ. එහෙනම් ප‍්‍රශ්නය ඇතුළු කරන්නත් බෑ. මෙතැන රීති කඩවීමක් වෙලා. මේ අය පසුගිය කාලේ ෂාෆි ෂිහාබ්දීන් ප‍්‍රශ්නය ගැන මුණිවත රැුක්කා. දැන් නීතිඥයෝ කව්ද කියලා අහනවා. කුරුණෑගල එක ලැයිස්තුවේ හිටියේ මේ අය.
ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා,
වියත් මෙඟන් ඇවිත් කතා කරන්න දන්නේ නෑ කියලා කිව්වා. ඒකෙ ප‍්‍රධාන ප‍්‍රශ්නය වුණේ ඒ මන්ත‍්‍රීතුමා ටයි-කෝට් ප‍්‍රශ්නයක් ඇදගත්තු එක. එහෙම කතාකරන එක වැරදියි. ඒක ඉල්ලා අස්කරගන්න.
හර්ෂ ද සිල්වා මහතා,
ඒක වැරදි විදියට කියපු එකක් නොවේ. ප‍්‍රශ්නයක් ඇහුවම එහෙම සැරවැර වෙන එක නොවෙයි එහෙම කෑගහන්න එපා.
අලි සබ්රි මහතා,
මගේ ඇඳුම ගැන කියපු නිසා එහෙම තත්ත්වයක් ඇතිවුණේ. එතැනදී අපහසුතාවක් සිදුවුණා නම් මම ඊට සමාව ඉල්ලනවා ඒ මගේ හැටි.
සාෆි සහාබ්දීන් ඇත්තටම වද සැත්කම් කළා ද..? ඒ ප්‍රශ්නයට අධිකරණ ඇමති අලි සබ්රීට කේන්ති යයි.
සාෆි සහාබ්දීන් ඇත්තටම වද සැත්කම් කළා ද..?ඒ ප්‍රශ්නයට අධිකරණ ඇමති අලි සබ්රීට කේන්ති යයි.
Gepostet von Headline News am Donnerstag, 24. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...