විදේශ පුවත්

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් සාමකාමීව සිය අනුප්‍රාප්තිකයාට බලය පැවරීමට තමන් සූදානම් නැතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

‘‘එහිදී අපට සිදුවන්නේ කුමක්දැයි සලකා බැලීමට සිදුවනු ඇත’’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ආන්දෝලනාත්මක ප්‍රකාශයේ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳව පවතින සැකය හේතුවෙන් මෙවර මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසන් විය හැකි යැයි තමා විශ්වාස කරන බවද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම තැපැල් ඡන්ද විරෝධයට හේතු වී ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇමරිකානුවන්ට තැපැල් ඡන්දය භාවිත කරන ලෙසට දිරිමත් කිරීමයි. ට්‍රම්ප් විශ්වාසය පළකර ඇති ආකාරයට තැපැල් ඡන්ද ප්‍රතිශතය ඉහළ ගියහොත් ඔහුට ලැබීමට නියමිත ඡන්ද ප්‍රතිශතය පහළ යනු ඇත.

ඊයේ (24දා) සවස් වරුවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවකු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ නොවැම්බරයේදී පරාජයට පත් වුවහොත් සාමකාමීව බලය පැවරීමට සූදානම්දැයි කියාය.

‘‘මම ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. ඡන්ද පත්‍රිකා යනු ව්‍යසනයක්’’ යැයි ට්‍රම්ප් එහිදී දැඩි ස්වරයෙන් පවසා ඇත. (ඇමරිකානු පුරවැසියන් ඡන්ද මධ්‍යස්ථානයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය භාවිත කරන අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමකදී පමණක් මුද්‍රිත ඡන්ද පත්‍රිකා භාවිත කෙරේ.) ‘‘ඡන්ද පත්‍රිකා අහෝසි කරන්න. එවිට මැතිවරණ ප්‍රතිඵලය සාමකාමී වනු ඇත’’ යැයි ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More