දේශීය පුවත්

රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ. ඊයේ (24 වැනිදා) වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවැතුණ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

ඉතාලියේ රූත්ස් ඉතාලි නම් සමාගමකින් පසුගිය රජය සමයේ මෙම බොයිලේරුව ඇණවුම් කර ඇත්තේ 2016 දෙසැම්බර් 23 වැනිදාය. මෙම ගනුදෙනුවේ අවසන් ගෙවීම කර ඇත්තේ පසුගිය වසරේදීය. යුරෝ විසිහත්ලක්ෂ පනස් දහසක් ගෙවා මෙම බොයිලේරුව මිලදී ගැනීම සඳහා හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු තෙල් සංස්ථා බලධාරීන් ඉතාලි සංචාරයකද නිරතව තිබේ.

තෙල් පිරිපහදුවේ විදුලි උත්පාදනය කිරීමට හා නළ ඔස්සේ තෙල් වාෂ්පීකරණය සඳහා බොයිලේරු හතරක් යොදා ගෙන ඇත. ඉන් තුනක්ම අබලන් තත්ත්වයේ වූ නිසා පසුගිය රජය සමයේ මෙම බොයිලේරුව මිලදී ගැනීමට පියවර ගෙන ඇත.

එහෙත් දැනට මාස කිහිපයක පටන් අලුතින් ගත් බොයිලේරුව සතියකට වරක් අක්‍රිය වීමට පටන් ගෙන ඇතැයි සේවකයෝ පෙන්වා දෙති. පිරිපහදු ක්‍රියාවලියේදී තෙල් නළවල පීඩනය වැඩි කළ සැණින් අලුත් බොයිලේරුවේ නළ පුපුරා යන බව එම සේවකයෝ කියති. ඉතාලි බොයිලෝරුවක් වුවද මෙහි අභ්‍යන්තර කොටස් බාල තත්ත්වයේ පවතින බව නඩත්තු කාර්මිකයන් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More