දේශීය පුවත්

ගස් උගුල්ලා වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම සඳහා යොදාගත හැකි යන්ත්‍ර දෙකක් විදෙස් රටකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත.

සංවර්ධනය නොවූ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේදී ගස් ලක්ෂ දෙකක් පමණ කපා ඉවත් කිරීම සිදුවන බැවින් එම තීරණය ගෙන තිබේ.

පරිසර ඇමැතිවරයා සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පෙරේදා (23 වැනිදා) පැවැත්වුණි. ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ එම සාකච්ඡාවේදීය. සංවර්ධන ව්‍යාපෘතිවලදී ගස් කපා ඉවත් කිරීම නිසා පරිසර සුරක්ෂිතතාවට බලපෑමක් එල්ල වී ඇතැයිද මෙහිදී කීවේය.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංවර්ධනයේදී කිලෝමීටරයට ගස් දෙකක් කපා දැමීමත් අඩු තරමින් ගස් ලක්ෂ දෙකක් විනාශ වීමත් සිදුවනු ඇත. එම ගස් ආරක්ෂිතව ගැලවීමට අවශ්‍ය යන්ත්‍ර දැනට විදේශ රටවල නිපදවා ඇති බැවින් අඩු කරමින් එවැනි යන්ත්‍ර දෙකක්වත් කඩිනමින් මිලදී ගැනීමට තීරණය වී තිබේ. මෙම වසරේදීම මෙම යන්ත්‍ර ගෙන්විය යුතු යැයිද ඇමැතිවරයා පවසා ඇත. ගස් ප්‍රතිරෝපනය කිරීම පරිසර හිතකාමීව සිදුකළ හැකි බවත්, මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පාර්ශ්ව තමන් සමග සාකච්ඡා කළ බවත් එමනිසා මෙම වැඩපිළිවෙළ අරඹන බවත් ඇමැතිවරයා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම්දී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More