මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහසේ කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇති බවට ජාතික සංවිධාන චෝදනා කරයි.
ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමිින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම විද්වත් සංවිධාන රාශියක් තිබෙන රටක මහජනයාට වංචා කරමින් සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් කටුයුතු කිරීම ජාතික අපරාධයක් බවය.
විවිධ මට්ටම්වලදී සිදු කරන මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ආහාර බාල කිරීමේ ජාවාරම ආහාර පනත සහ පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙන්ම පොල් සංවර්ධන අධිකාරී පනත යටතේ නිතිවිරෝධී බවත්, මෙම ජාවාරම වැළැක්වීම සඳහා ඉහත ආයතන අවශ්‍ය පියවර ගතයුතු බවද එම ලිපිය මගින් දැඩිව අවධාරනය කර ඇත.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...