විදේශ පුවත්

උතුරු කොරියානු හමුදාව විසින් දකුණු කොරියානු නිලධාරියෙක් ව වෙඩිතබා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර ට ගිනිතබා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

එම පුද්ගලයා දෙරටේ මුහුදු සීමාව ආසන්නයේ දී නිරීක්ෂණ බෝට්ටුවක රැඳී සිටියදී අතුරුදන් ව ඇති අතර පසුව ඔහුගේ සිරුර උතුරු කොරියානු මුහුදු කලාපයේ තිබියදී හමුවී තිබේ.

දකුණු කොරියානු බලධාරීන්ට ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව හෙළිවී ඇත්තේ උතුරු කොරියානු හමුදා භටයින් විසින් එම නිලධාරියා ට වෙඩිතබා අනතුරුව ඔහුගේ සිරුරට ඉන්ධන දමා පුළුස්සා ඇති බවය.

එම චෝදනාව පිළිබඳ ව උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා නොමැත.

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැලැක්වීම සඳහා උතුරු කොරියානුවන් දේශසීමාවේ ආරක්ෂාව තරකර ඇති බවත් නීතිවිරෝධී ලෙස ඇතුළු වන පුද්ගලයින් ව “වෙඩිතබා මරා දමනු” යන ප්‍රතිපත්තියේ සිට කටයුතු කරන බවත් වාර්තා වේ.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ එම නිලධාරියා ධීවර දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත් උතුරු කොරියානු දේශසීමාව ට කිලෝමීටර් 10ක් පමණ තිබියදී පසුගිය සඳුදා ඔහු අතුරුදන් ව ඇති බවය.

දකුණු කොරියානු සිවිල් පුද්ගලයෙකු ව උතුරු කොරියානු හමුදා විසින් වෙඩිතබා ඝාතනය කළ දෙවැනි අවස්ථාව ලෙස එය සැලකේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More