දේශීය පුවත්

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත්පැන් සාද පවත්වා ඇතැයි වාර්තා වේ.

පරිසරවේදීන් පවසන්නේ සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථද ධාවනය කර ඇති බවයි.

නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි හතළිහක කණ්ඩායමක් එම බංගලාවේ නතර වී සිටි බව වාර්තා වේ.

පසුගිය දිනක රාත්‍රි කාලයේ පැමිණි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම, යාල ජාතික වනෝද්‍යානය තුළ දිවා කාලයේදී ජීප් රථ ධාවනයට ඉඩ ලබානොදෙන කාලයේදී පවා ජීප් රථවලින් එහා මෙහා ගොස් ඇති බවද අනාවරණය වේ.

මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ඉරිදාය.

මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසූවේ එම සිද්ධිය ගැන තමාට වාර්තා වී නොමැති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More