පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කලින්ම බුද්ධි තොරතුරු ලැබුණු බවත්, තමන් එම බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කර ඇත.
එපමණක් නොව තමන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ඒ බව දුරකතනයෙන් දැනුම් දීමට පියවර ගත් බවද කියා සිටි ජයසුන්දර මහතා, නමුත් එම ඇමතුම් සියල්ල මේ වනවිට කවුරුන් හෝ මකා දමා ඇති බවද කීවේය.
ඒ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන කුමාරසිංහ සිරිසේන මහතා බවත්, මෙම දුරකතන සංවාද මැකීම පිළිබදව වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඒ මහතා කොමිසම හමුවේ සදහන් කර සිටියේය.
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...