දේශීය පුවත්

හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු 08 දෙනකු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මග හරින ලද පුද්ගලයන් ලෙස සලකා, ඔවුන්ට එරෙහිව වහාම පියවර ගන්නා බව සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේ ය.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න විසින් කර තිබූ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පිරිසකට නොතිසි නිකුත් කර තිබුණද ඔවුන් ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස මංගල සමරවීර, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, අනුර කුමාර දිසානායක,ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ, ආනන්ද විජේපාල යන අය නම් කර තිබුණි.

එම වගඋත්තරකරුවන් අතරින් ආනන්ද විජේපාල සහ පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ පමණක් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර, පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් අද දින පැමිණීමට නොහැකි බව අනුර කුමාර දිසානායක දැනුම් දී තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් වන රවුෆ් හකීම් සහ සරත් ෆොන්සේකාට නිසි පරිදි සිතාසි නිකුත් කළද ඔවුන් පදිංචි ස්ථානවල නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් විමසීමක් කර තිබෙන බවත්, කොමිසම හමුවේ අනාවරණය විය.

නමුත් සරත් ෆොන්සේකා සහ රාවුෆ් හකීම් නමින් දෙදෙනකු පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ජනාධිපති කොමිසම වෙත දැනුම් දී ඇතැයි කොමිසමේ අධිකරණ භාෂණ පරිවර්තක එන්. ඒ. රෝහණ පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More