දේශීය පුවත්

විසිවැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව බල තණ්හාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාලයේදී ‘විස්ස කාගෙද, කාටද?’ යන මැයෙන් ඊයේ (24 වැනිදා) පැවැති සම්මන්ත්‍රණයේදීය.

ඔහු පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනයට අයිතිකරුවකු සිටියද, එහි අයිතිය කියා පෑමට මේ මොහොතේ බියක් දක්වන බවය.

එමනිසා මෙහි මුළු ක්‍රියාවලියම අඩුපාඩු සහිත බවත් මෙය ඉතා කලබල සහගතව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් බවත් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

යෝජිත 20 වැනි සංශෝධනය තුළ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අධිරාජ්‍යවාදී කඳවුරේ අභිලාෂයන් බවද හෙතෙම කීවේය.

එමනිසා මෙය වහා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවද ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

‘‘20 ඇතුළේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය තියෙනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මැතිවරණ කාලයේ කියපු දේවල් කරන්න වෙන්නේ නැහැ. ඒ සුරංගනා කතා මොනවත් කරන්න වෙන්නේ නැහැ. එම්.සී.සී. ගිවිසුමට අත්සන් කරන්න වෙනවා. රටේ සම්පත් ටික විකුණන්න වෙනවා. ඒ වගේම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න දඟලපු අය තම ආත්මය බේරගන්න එහි වැරදි අඩුපාඩු කියනවා. හැබැයි ඒ අය ඒ අඩුපාඩු කියන්නේ මාධ්‍ය ඉස්සරහා විතරයි. හැබැයි 20 ට අත උස්සලා තමයි ඇවිත් ඉන්නේ.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More