විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන අනිවාර්යයෙන් කරන බවට පොරොන්දුවක් දිය යුතු බවත් සහ ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට පෙර නොසඟවා මහජනයාට ඉදිරිපත් කළ යුතු බවත් දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ ලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේද කීය.
” ඇත්තටම 19 සංශෝධනයේ අරමුණ වටහා ගැනීමෙන් තොරව අපට 20 ගැන කතා කරන්න බෑ. රාජපක්ෂ පවුල බිඳ දැමීම, රනිල් වික්‍රමසිංහට විධායක බලය ලබාදීම සහ රට අන්තවාදී , බෙදුම්වාදී බලවේගවල ගොදුරක් බවට පත්කරලා රට අස්ථාවර කිරීම 19 සංශෝධනයේ මූලික අරමුණු වුණා. දෙවැනි අරමුණ ඔවුන්ට ඉටු කරගන්න බැරි වුණා. නමුත් අවසන් අරමුණ ඔවුන් ඉටු කරගත්තා. පළමුවැනි අරමුණත් ඉටු කරගන්න භාවිත කරපු මූලික සටන් පාට තමයි ඔවුන් දැන් 20 සංශෝධනයට යොදාගන්නේ.
අද ආණ්ඩුව අදූරදර්ශී විදියට සහ ජනවරමේ අධ්‍යාත්මය පළුදු වෙන විදියට කටයුතු කරනවා. යහපත් දේ ඉතුරු කරලා අයහපත් දේ ඉවත් කළා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. මේ සඳහා විපක්ෂයෙන් වගේම ආණ්ඩු පාර්ශ්වයෙන්ද විරෝධය මතුවෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...