දේශීය පුවත්

පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව දොළහ දක්වා ඉහල ගොස් තිබේ.

නීතිපතිවරයා වග උත්තරකරු  කරමින් සැප්තැම්බර් 23 බදාදා පෙත්සම් හයක් සහ 24 බ්‍රහස්පතින්දා පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවයි අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ.

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත සැප්තැම්බර් 22 අගහරුවාදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ නියෝජිතයන් එයට දැඩි විරෝධයක් පළ කර තිබුනි.

හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය,මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචිකරුවකු වන  එස්.සී.සී.ඉලංගෝවන්, මෙන්ම මරීන් ලෝහිනී  ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය පෙත්සම් කරුවන් අතරට ද සැප්තැම්බර් 24 දා අලුතින් එක්වී සිටිති.

සැප්තැම්බර් 23 බදාදා දිනයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, සමගි ජන බලවේගයේ  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,  නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් ද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More