ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී පසුගිය දා ගිනි ගත් “එම්ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ හිමිකාර සමාගමෙන් වන්දි වශයෙන් තවත් රුපියල් කෝටි 10ක් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අදාළ ලිඛිත ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අදාළ සමාගමට යැවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
එම නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් කෝටි 34ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වූ බව මීට පෙර ඇය පැවසුවාය.
නීතිපතිවරයා විසින් ගිනිගත් එම නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් පසුගිය 16 වන දා ලිඛිතව ඉදිරිපත් කර තිබුණි.
එම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහාය.
නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් එලෙස ගණනය කර ඇත.
මේ අතර එම නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව අද (24) නීතිපතිවරයාවෙත භාරදී තිබුණි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...