දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ.

සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස කොමිසම ඔවුන්ට අවවාද කර ඇත.

කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව නිකුත් කර තිබු මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ තීරණය ප්‍රකාශයට පත්කරමින් ඔවුන්ට අවවාද දී තිබේ.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

එසේවුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් කොමිසමේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාය.

නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ ය.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසී නිකුත් කර තිබුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද කාදිනල් හිමිපාණන් දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන්ලා නිකුත් කළ නිවේදනයට අදාළවය.

කෙසේවෙතත් අද කොමිසම හමුවේ පෙනී සිටියේ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන් පමණක් වන අතර නොතීසි නිකුත් කර තිබු කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අතිඋතුම් ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා දෙදෙනා කොමිසම හමුවේ පෙනී නොසිටියේය.

ඒ අනුව අදාළ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More