20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ද යන සැකය පවා මේ වනවිට මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.
“අන්තිමට 20 ලිව්වෙ එකසත් ජනපද තානාපති කාර්යාලයෙන්ද කියන සැකය පවා දැන් මතුවෙලා තියෙනවා. 20 ඉදිරිපත් කරපු වෙලාවෙ ආණ්ඩුවෙ තිබිච්ච මහා බලගතු එඩිතරභාවය 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට ඒකට විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා ආණ්ඩුව ඇතුළෙ.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්න ඕනෙ ඔහු තමා මේක ලිව්වෙ, නැත්නම් ඔහු මේක ඇමරිකාව හෝ කවුරු ලවා ලියෙව්වාය කියලා. නැත්නම් අගමැතිතුමා කියන්න ඕනෙ ඔහු මේක ලිව්වා කියලා. අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...