පුරවැසි කොලම

පාසලක් ඇරෙන විට සිරගෙවල් දහසක් වැසෙන බවට කතාවක් තිබේ. එහෙත් කනගාටුව නම්, අපේ රටේ මේ ගැන කියන්නට ඇත්තේ එහි අනිත් පැත්ත වීමය. මෙරටේ, විශේෂයෙන්ම ලංකාවේ දකුණු භාගයේ පාසල් රැුසක් මේ වනවිට වැසී ගොස් ඇති අතර ඒ වෙනුවට වසා දමා තිබෙන සිරගෙවල් ඇරෙන්නට පටන්ගෙන තිබේ.

ඉකුත් දා මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ වසා දමා තිබූ බෝගම්බර සිරගෙය නැවත විවෘත කිරීම සඳහා කටයුතු කිරීමට සිදුව ඇති බවයි.

එපමණක් නොව ලේකම්වරයා බෝගම්බර නැවත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

ඊට හේතු වී ඇත්තේ මේ වනවිට දිවයිනේ බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ගෙන් උතුරා යෑමය. ඉකුත් සතිය වනවිට මෙරට සමස්ත සිරකරුවන් ප‍්‍රමාණය 30,000 සීමාව ඉක්මවා ගිය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. නව රජය බලයට පත්වී පාතාලය හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නට පටන් ගැනීමත් සමග (බන්ධනාගාර හා අච්චු* සිරකරුවන්ගේ ප‍්‍රමාණය 6000 කින් ඉහළ ගොස් ඇති බවද, මෙරට බන්ධනාගාර පද්ධතියට දරාගන්නට හැක්කේ සිරකරුවන් 26,000ක් පමණක් වුවත්, එම සංඛ්‍යාව 30,000 ක් දක්වා වැඩිවීම බරපතළ ප‍්‍රශ්නයක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බෝගම්බර බන්ධනාගාරය පිහිටුවනු ලබන්නේ ඉංග‍්‍රීසි පාලන සමයේදීය. ඒ විශේෂයෙන්ම ඉංග‍්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වූ, එදා මෙරට සිංහල ජාතික වීරවරයන් සිරකර තබාගැනීමටත්, බදු පැහැර හැරි පුද්ගලයින් හා ඉංග‍්‍රීසීන්ගේ දේපළ කොල්ල කෑ උතුවන්කන්දේ සරදියෙල් වැන්නවුන්ට අච්චු කිරීම සඳහාය.

සරදියෙල් වෙනුවෙන් තැනූ විශේෂ සිරමැදිරියක් බෝගම්බර බන්ධනාගාරය වසාදමා එය දුම්බරට ගෙනයන විටත් එහි ඉතිරිව පැවතිණ.

එපමණක් නොව, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා දැමූ බෝගම්බර වැව නොහොත් අතීත රජදරුවන් හැ¥ කිරිමුහුද පැවැති ස්ථානය ගොඩකර මෙසේ හැ¥ බෝගම්බර (සිපිරිගෙය* එක් අතකින් අපට කෞතුක වැදගත්කමක් ඇති ස්ථානයකි.

කෙසේ හෝ බෝගම්බර සිර ගෙදර මහනුවර නගරයට කරදරයක් හෙයින් මෙන්ම නගර මධ්‍යයේ පවතින වටිනාකමෙන් ඉහළම භූමියක් නිසා මෙසේ සිර ගෙදරකට ලඝු කිරීමේ නිරර්ථක බව සලකා පසුගිය

කාලයේ එය දුම්බරට රැුගෙන යන ලදී. ඉන්පසු නගරය මැද ඉතිරි වූ සුවිසල් ගොඩනැගිලිවලින් සමන්විත අක්කර 10 ක පමණ මේ ඉඩම බොහෝ දේශපාලකයින්ගේ ඇස ගැටුණු තැනක් වූවාට සැක නැත.

මෙහි පැරණි ගොඩනැගිලි කඩා මෙම ඉඩමේ හෝටලයක් හදන්නට යන බවට කලක් රාවයක් පැතිර ගියේය. එසේම, සිරගෙදර ගොඩනැගිලි භාවිත කරමින්ම හෝටල් නගරයක් මෙහි හදන බවට ද කතා පැතිර ගියේය.

කෙසේ හෝ අවසානයේදී මහා නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙහි ගොඩනැගිලි පිළිසකර කර, පැරණි සිපිරි ගෙදර ප‍්‍රවිෂ්ටයට මනා පෙනුමක් ලබාදෙන්නට පසුගිය රජය කටයුතු කළේය.

නොහොත්, බෝගම්බර හැඩ වැඩ වුණේ මහනුවර නගරයට ආලෝකයක් ගෙන දෙන, නගර වැසියන් මෙහි ඔබ මොබ සරණ ගොඩනැගිලි සංකීර්ණයක් වන්නටය.

එහෙත්, නොසිතූ පරිදි යළිත් බෝගම්බර සිපිරි ගෙය නැවත විවෘත කරන්නට සිදුවීම ගැන ජාතියක් හැටියට අප එක් අතකින් කම්පා විය යුතුය. අප අපේක්ෂා කරන්නේ මෙතැනින් දුම්බරට ගෙන ගිය සිරගෙයත් ඉක්මනින් වැසී යායුතු බවටය. නොහොත් තවත් පාසලක් එහි අරඹනු දැකීම අපගේ අපේක්ෂාවය. එවන් තත්ත්වයක් තුළ වැසූ බෝගම්බර යළිත් අරිනු දැක්ම අපගේ බලාපොරොත්තුව නොවුණත් කමල් ගුණරත්න මහතා කියන පරිදි එය එසේ කරන්නට සිදුව තිබේ.

පාතාලයෙන්, කුඩු ජාවාරමෙන්, ළමා-කාන්තා අපයෝජනයෙන්, මං පැහැරීමෙන්, හොරකමෙන්, බොරුවෙන්, අල්ලසින්, ¥ෂණයෙන්, මැරකමෙන් කප් ගසා සිටින රටකට තවදුරටත් සිපිරි ගෙවල් අරිනවා මිස කරන්නට දෙයක් ද නැත. එනමුත් පාසල් වැසී යෑම ද කවුරුනුත් අනුමත කරන්නක් නොවේ. 2019 විගණකාධිපති වාර්තාව අනුව 2013 සිට 2019 දක්වා වසර 6 ක් තුළ මෙරට පාසල් 194 ක් වසා දමා තිබේ. ඒ මේ රටේ දරුවන් ඉගෙනගෙන අවසන් වී ඇති නිසා නොවේ.

එසේම, එම වාර්තාව කියන පරිදි ළමුන් 200 ට අඩු පාසල් 5161 ක් ද, ළමුන් 100 ට අඩු පාසල්

3046 ක් ද මෙරට තිබේ. රටේ අධ්‍යාපනය ගැන හෝ ළමා ජනගහන ගැන ඉතා කදිම ඉඟියක් මේ මගින් අපට ලබා දේ.

එසේම, සිර ගෙවල් පිරී 30,000 ක් ඉක්මවද්දී රටේ තරුණ ජනගහනය ගැන මොනතරම් ඛේදවාචකයක් ලෝකයට කියන්නේද..?

උතුරේ වර්ගවාදී යුද්ධය පරාජය කළා මෙන්, ඉහත සමාජ පරිහානිය තවත් පරම්පරාවකට ඉතිරි කිරීම අප වත්මන් පාලකයන්ගෙන් බලාපොරොත්තු වන දෙය නොවේ. සිපිරි ගෙවල් හැර හෝ වහ වහා සමාජ ශෝධනයක් කිරීම අත්‍යවශ්‍ය වන නමුත්, ඒ ශෝධනය වහා නිමාකර, බන්ධනාගාරත් වසා, වැසූ පාසල් යළි ඇරීම කඩිනම් කළ යුතුමය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More