දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශවික සමුළුවක් ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාව පලවී තිබු බවය.

පසුගිය අගෝස්තු 06 වන දින අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත් වු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ දෙරට අතර සමුළුවක් පවත්වා බහුවිධ ද්විපාර්ශවික සබඳතාවය සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

මෙහිදී දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක ,අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු මෙන්ම අනනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිතය.

මෙම සමුළුව සඳහා දෙරටේ අදාළ ක්ෂේත්‍රවල විෂය භාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විදේශ රටක නායකයෙකු සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන පළමු සමුළුව මෙය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More