දේශීය පුවත්

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත.

ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ගෙන තිබේ.

එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.

කෙසේ වුවත් මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙලද සැලකට ද ඊයේ ත්‍රීරෝද රථයකින් පැමිණ තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කොට ඇති බවත් ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

මෙම රුසියානු ජාතිකයින් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයින් නිවෙස් වෙත ගොස් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More