දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය.

ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය.

රාජකාරි අවශ්‍යතා සඳහා අවස්ථා ගණනාවකදී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර, කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවන බව පවසමින් ​ඔවුන් සේවා ඉටු ​​නොකරන බව කාන්තාවක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

කාර්යාලයෙන් සේවාවක් ලබා ගැනීමට පැමිණ සිටි ආබාධිතයකුගෙන් මෙහිදී ජනාධිපතිවරයා තොරතුරු විමසුවේය.

ආබාධිත පුද්ගලයා – මම අවුරුදු ගණනාවක් රස්තියාදු වෙනවා ජනාධිපතිතුමනි. තවම කෑම කාලවත් නෑ. අනික් කාරණය තමයි මම ඉන්න තැන ඉන්න මන්ත්‍රී කෙනෙක් මාව එළියට දාලා මගේ ගෙදරත් උදුරා ගන්න හදනවා.

ජනාධිපති – ඔබේ ප්‍රශ්නය මොකක්ද?

ආබාධිත පුද්ගලයා – ඔප්පු ප්‍රශ්නයක් තියෙන්නේ. මම ඔප්පුව ලියලා. පොලියත් ගෙවලා තියෙනවා ලක්ෂ එකහමාරක්. මට කිසිම වැඩක් කරගන්න බෑ. ඔප්පුවේ අඩුපාඩු සකස් කරලා දෙන්න ජනාධිපතිතුමනි. ඔබතුමාට තමයි මේක කියන්න තියෙන්නේ. මම උදේ ඉඳලා මෙතැන ඉන්නවා. දවල්ටත් කාලවත් නෑ. තේ එකක් බොන්න තැනක් නෑ. මුත්‍රා කරන්න තැනක්වත් මෙතන නෑ.

ජනාධිපතිවරයා මේ පිළිබඳව නිලධාරිනියකගෙන් විමසුවේය.

නිලධාරිනිය – ඔප්පුව හදලා තියෙන්නේ සර්. මේ ලිපි ගොනුවේ ග්‍රාමසේවක සහතිකය අඩුයි.

ජනාධිපතිවරයා – ඔ​හෝම තමයි හැමෝම කියන්නේ.

ආබාධිත පුද්ගලයා – පොඩි වැඩකට හැමෝම රස්තියාදු කරනවා.

ජනාධිපතිවරයා අදත් යවලා දෙන්නෙක්. මෙතෙන පියන් කෙනෙක් නැහැ කිව්වලු. ලිපිකරුවෙක් නැහැ කිව්වලු. එකවුන්ටන් නෑ කිව්වලු. ඇයි මෙහෙම මිනිස්සුන්ව එළවන්නේ. ඔයගොල්ලෝ මොනවටද සල්ලි එකතු කරන්නේ.

නිලධාරිනිය – නිවාස ක්‍රමවල මාසික කුලී, වාරික එකතු කරනවා. ඒ වගේම 1989 වසරේ ඉඳන් දුන්නු ණය තිබෙනවා.

ජනාධිපති – ඒවා ගෙවන්න තමා මිනිස්සු ඇවිත් තියෙන්නේ. ඊයේත් ඇවිල්ලා. අදත් ඇවිල්ලා. ගිණුම් අංශයේ කවුරුත් නෑ කියලා. අද කීදෙනෙකුගෙන් ගත්තාද. මම මේ ගැන ඔයාලගේ ලේකම් නිමල් පෙරේරාටත් කතා කරලා කිව්වා. කවුද සභාපති.

නිලධාරිනිය – රේණුක පෙරේරා සර්

ජනාධිපති – කොහෙද එයා ඉන්නේ

නිලධාරිනිය – ප්‍රධාන කාර්යාලයේ. සර් මෙතැන කොළඹ නගර දකුණු ශාඛා කාර්යාලය.

ජනාධිපති – මල්ලිකා දිසානායක කියලා ලිපි ගොනුවක් තියෙනවාද කියලා බලන්න.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ මල්ලිකා දිසානායකගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය.

ජනාධිපති – (දුරකථනයෙන්) දැන් ඔයාලා ආවා කිව්වේ මැනින් ටවුන් මොන ශාඛාවටද? ආර්.එම්.වී. එක ඉස්සරහා තියෙන එකද?

මල්ලිකා දිසානායක – (දුරකථනයෙන්) සරත් මහත්තයා දන්නවා විස්තරේ. ඒ මහත්තයා කිව්වා මෙතැන කාර්ය මණ්ඩලය අඩුයි. ඒ නිසයි වැඩ පරක්කු වෙන්නේ කියලා.

ජනාධිපති – සල්ලි ගෙව්වේ නැද්ද?

මල්ලිකා දිසානායක – සල්ලි ගෙවලා අපි ආවා. අපි පැය දෙක හමාරක් හිටියා ජනාධිපතිතුමා.

මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More