දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වා ගෙන යන සේව් ද පර්ල්ස් (Save the pearls) නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපේඞ් නමැති නීති විරෝධී සංවිධානයෙන් අන්තවාදී කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 දා) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

බැංකු ගිණුම් වාර්තා අනුව පසුගිය වසර කිහිපය තුළදී එකී මුදල් ලැබී ඇති බව තහවුරු වී ඇතැයි අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මුදල් කු-මන ත‍්‍රස්තවාදී කි‍්‍රයා සඳහා යොදවා ගත්තේ දැයි අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයි ද මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතාට පෙන්වා දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද එකී මුදල් ලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සේව් ද පර්ල්ස් සංවිධානය විසින් පුත්තලම ප‍්‍රදේශයේ පවත්වාගෙන යන මද්‍රසා පාසලක තිබී විමර්ශන නිලධාරීන් විසින් භාරයට ගත් ‘නවරසම්’ නමැති ග‍්‍රන්ථය සම්බන්ධයෙන් කැඳවූ මනෝ විද්‍යාත්මක වාර්තාව මේ දක්වා ලැබී නොමැති බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

‘නවරසම්’ ග‍්‍රන්ථයේ සිංහල පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට කොටුව මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම මද්‍රසා පාසලේ තිබී භාරයට ගත් නවරසම් ග‍්‍රන්ථය හා එහි සිංහල පිටපත විශේෂඥ මනෝ විද්‍යාඥ කණ්ඩායමක් වෙත ඉදිරිපත් කොට එකී ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ළමුන් මානසික වශයෙන් ත‍්‍රස්තවාදය කෙරෙහි යොමු වන්නේදැයි මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පූර්වගාමී මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබිණි.

එම නඩුව ලබන මස 7 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා එහිදී නියෝග කළේය. පසුගිය 2019 අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රෝබේන් ආපන ශාලාවේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන විශාල පිරිසක් ඝාතනය කළ මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්ෂාෆ් අහමඞ් නමැති බෝම්බකරුට ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සිදු කළ විමර්ශන අවසන් කොට පසුගිය 17 වැනිදා උධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-ව එහිදී අධිකරණයට දැනුම් දුනනේය.

මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23 දා) නියෝග කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් එල්. ටී. බී දෙහිදෙණිය, පී. පද්මන් සූරසේන හා ගාමිණී අමරසේකර යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More