දේශීය පුවත්

පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී මොරිස් විජේරත්න මහතා පවසනවා. ශ්‍රී ලංක‍ා පොදුජන පෙරමුණේ කාර්යාලයේදී අද (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක එක මැති ඇමතිරුන් පළාත් සභා සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වනවිට විශාල මාතෘකාවක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන මොරිස් විජේරත්න මහතා පවසන්නේ වාද විවාද කිරීම නවත්වා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. පළාත් සභා සුදු අලියෙක්ද නැද්ද යන්න සඳළුතලයේ සිට තීරණය කිරීම සුදුසු නොවන බවද ඔහු අවධාරණය කරනවා.

පළාත් සභා හරහා විශාල සේවයක් ජනතාවට සිදු වූ බවත්, එහෙත් වසර ගණනාවක් තිස්සේ පළාත් සභා අකර්මන්‍ය වීම හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට ලක්ව සිටින බවත් ඔහු පවසනවා. මන්ත්‍රීවරුන් 104 ක් විසින් පාලනය කළ බස්නාහිර පළාත් සභාව අද එක් ආණ්ඩුකාරවරයෙකු විසින් පාලනය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් එය කිසිසේත් සුදුසු නොවන බවත් පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාවට තමන්ගේ නියෝජිතයන් පළාත් සභාවට පත්කර ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවේදී බස්නාහිර සහ වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ද අදහස් දැක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More