දේශීය පුවත්

ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එය 2020.10.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15. දක්වාත්, සෙනසුරාදා දින දවල් 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.

සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙස ද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගතයුතු බවද එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා ගත් තීරණයකට අනුව බදාදා දිනය වෙනුවට සඳුදා දිනය මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.

එමගින් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක – 16/2020 ලෙස අදාළ චක්‍රලේඛය නිකුත්කර ඇත.

මේ පිළිබඳව තම කොට්ඨාසවල මහජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස ද ග්‍රාම නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More