දේශීය පුවත්

ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන තිබෙන බැවින් ඔවුන් සැමවිටම පවතින ආණ්ඩු සමග සම්බන්ධ වී කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන තිබෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.

මේ නිසා කුමන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වුවද ආණ්ඩුවට එකතු වීම 1989 සිටම කරන දෙයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා එම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මැතිවරණයට මුදල් වියදම් කරන මුස්ලිම් ව්‍යාපාරිකයන්ද අනුබල දෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ නිසා සමග ජන බලවේගයේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු වීමට තීරණය කළහොත් එසේ නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම හැර වෙන කිසිවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස තමාට කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

කිරිඇල්ල මහතා මෙම අදහස් පලකලේ ඒෂියන් මිරර් සමඟ සංවාදයකට එක්වෙමිනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More