අමාත්‍ය මණ්ඩල තීන්දුවක් නොමැතිව ඉඩම් කොමසාරිස් වරයා විසින් නිකුත් කළ රජයේ ඉඩම් වලට ඔප්පු ලබා දීම නාමයෙන් ඉඩම් කොල්ලයක් සඳහා පාර කපන ගැසට් නිවේදනයක් ජනපති නියමයෙන් අවලංගු කිරීමට සිදුවී ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඉඩම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අංක 2192/36 සහ 10/09/2020 ගැසට් නිවේදනය 20/09/2020 ගැසට් නිවේදනය මගින් අවලංගු කොට ඇත.
එම මුල් ගැසට් නිවේදනය මගින් කැලෑපාළුවන් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් මහා පරිමාණයෙන් අත්පත්කරගෙන රජයේ ඉඩම් පුද්ගලිය අයිතියට නතු කිරීමට ඉඩ ලැබේ. නමුත් එම ගැසට් නිවේදනයේ මුඛ්‍ය අරමුණ ලෙස ප්‍රකාශ කරන්නේ ගොවීන්ට ඉඩම් අයිතිය ලබා දීමය. ගොවියාට ඉඩම් ලබා දීමේදී අක්කර 2 1/2 ක සීමාවක් පනවා තිබූ නමුත් මෙම ගැසට් නිවේදනය මගින් එවැනි සීමාවක් පනවා නැත.
ඊට හේතුව මහා පරිමාණයේ රජයේ හෙවත් මහජනයාගේ ඉඩම් කොල්ල කෑමට වන බව තහවුරු වී ඇත.
අදාල ගැසට් නිවේදනය පහතින් –


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...