යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා වීම හේතුවෙන් අහිතකර බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර හා ජාතික අවශ්‍යතාවයක් ලෙස ඉස්මතු වන රාජ්‍ය විගණනයේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් බිහි වූ ආයතනයක් බවත් එය ඉවත් කිරීම රටේ මහජන අපේක්ෂාවන් ඉටු කිරීමට හා එකී ආයතනයන් හි ගනු දෙනුවල පාරිශුද්ධභාවය සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා පවතින යාන්ත්‍රණයට දැඩි හානියක් සිදුවිය හැකි බවය.
මෙම සංශෝධනය වර්තමාන රජයේ ප්‍රතිපත්ති හා සමපාත නොවන බවද එම සංගමය දැඩිව අවධාරණය කර ඇත.
සම්පූර්ණ නිවේදනය බාගත කර ගැනීමට මෙතනින් පිවිසෙන්න – AUDIT SERVICE ASSOCIATION

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...