කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැඳවියෙක් ට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඊයේ (22) දිනයේ අදාළ රැඳවියාට කොවිඩ් නයින්ටීන් ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මීට අමතරව ඊයේ දිනයේ තවත් නව කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක්, සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙක්, කුවේට් සිට පැමිණි 07 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු ද වේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 3,313 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
සමස්ථ ආසාදිතයින්ගෙන් 3,118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 182 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ අතර අද (23) උදෑසන දෝහා කටාර් සිට පුද්ලගයින් 42ක් හා ඉන්දියාවේ මුම්බායි සිට එක් පුද්ගලයෙක් දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
තවද අද දිනය තුළ දී පුද්ගලයින් 162ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත යෑමට නියමිත ය.
අද වන විට පුද්ගලයින් 43,895ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 68ක පුද්ගලයින් 7,120ක් නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 1530ක් සිදුකර ඇති අතර මෙතෙක් කර ඇති සමස්ථ පරීක්ෂණ ගණන 270,881කි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...