ව්‍යාපාරික පුවත්

ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි

එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවද එම කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී මහතා පවසයි. ‘‘යම් පුද්ගලයෙක් ණයක් ගන්න ගියාම ණය දෙන ආයතනයක් කියනවනම් තමන්ගෙ ක්‍රිබ් එකේ (ණය තොරතුරු කාර්යාංශයේ) තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා, අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න බැහැ. ණය දීමේ තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එම ණය ලබාදෙන ආයතන මතයි. තමන්ගේ නම ක්‍රිබ් එකේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා කියනවනම් අපිට කතා කරන්න. ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණෙන්න. සතියේ දිනෙක ඇවිත් අපිට කතා කරන්න පුළුවන්.< ණය තොරතුරු කාර්යාංශය තොරතුරු එක්රැස් කරලා ණය දෙන ආයතන වෙත වාර්තා වශයෙන් ලබාදෙන ආයතනයක් පමණයි. මෙයාට ණය දෙන්න, මෙයාට ණය දෙන්න එපා කියලා අපේ වාර්තාවලින් කිසිම තීරණයක් ලබාදෙන්න බැහැ. අපි කිසිම පුද්ගලයෙක් අසාදු ලේඛනගත කරන්නේ නැහැ. යම්කිසි ගෙවීමක් කළාට පස්සේ මාසෙ අන්තිමට තමයි ඒ තොරතුරු යාවත්කාලීන වෙන්නෙ. මාස අන්තිමට එම ගෙවීම් යාවත්කාලීන වෙලා නැතිනම් අපේ කාර්යාංශය වෙත පැමිණ පූර්ණ නිරාකරණය කරගන්න පුළුවන්.’’ යැයි එම කාර්යාංශය කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More