දේශීය පුවත්

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අඹුසැමි යුවලගේ සහ බිලිඳියගේ මෘතදේහ ඔවුන් වාසය කළ වෙනත් නිවසක් වෙත රැගෙන විත් මේවන විට තැන්පත් කර ඇත.

පස්මහල් ගොඩනැගිල්ලලක් කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ චමිල ප්‍රසාද් 35 හැවිරිදි හෝටල් හිමිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ වූ අචලා ඒකනායක 32 හැවිදිරි විශ්විද්‍යාල කථිකාචාර්යවරියක් මෙන්ම නීතීඥවරයක් ද වේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ඔවුන්ගේ සිගිති දියණිය ඔනෙලා ඒකනායක වයස මාස එකහමාරක බිලිඳියකි.

ඔවුන්ගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු හෙට(23) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියෙදී සිදු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළ අභාවප්‍රාප්ත අචලා ඒකනායකගේ පියා වන සිසිර බණ්ඩාර මහතා සදහන් කළේ මෙම මරණ සදහා වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර ගත යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ මේ වන විට පරික්ෂණ පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More