දේශීය පුවත්

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.

පොල්කටු යොදාගනිමින් විස්මිත භාණ්ඩ රැසක් නිපදවා විදෙස් වෙළඳපොළ ජයගත් ප්‍රවීණ හස්ත කර්මාන්ත ශිල්පියකු වන මහනුවර, බෝවල, කොකා සෙලා ෂෙල් ක්‍රාෆ්ටිං ආයතනයේ (Coca Sela shell Crafting) හිමිකරු ඇම්. වසන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (21) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් හමු වූ අවස්ථාවේ වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවෙන් අනතුරුව වසන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මම 1970 සිට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටිනවා. පොල්කටු භාණ්ඩ නිෂ්පාදකයන් බොහෝ විට සිය නිෂ්පාදන සිදු කරන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කර ගෙනයි. මා ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරය දිනාගත හැකි පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය සිදු කළා. මගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා මගේ ශිල්පීය දැනුම මේ ක්ෂේත්‍රයේ කර්මාන්ත ශිල්පීන්ට ලබා දී ඔවුන් ද ජාත්‍යන්තරය ජයගත හැකි පොල්කටු භාණ්ඩ නිර්මාණකරුවන් බවට පත් කිරීමට. එය මට තනිවම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයි.

අද මා කර්මාන්ත අමාත්‍යතුමන් හමු වී මගේ භාණ්ඩ ද එතුමන්ගේ අවධානයට ලක් කර මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ මගේ බලාපොරොත්තුවත් ඒ සඳහා වන මගේ අදහසුත් පවසා සිටියා. ඊට සාවධානව ඇහුම්කම් දුන් විමල් වීරවංශ ඇමතිතුමා දීපව්‍යාප්තව පොල්කටු නිෂ්පාදන කර්මාන්තය සිදු කිරීමටත් කර්මාන්තයේ නියැලෙන පිරිස් වෙත ජාත්‍යන්තර තලයේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමටත් මා ද සම්බන්ධ කර ගනිමින් ව්‍යාපෘතියක් සකසන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාට ඒ මොහොතේම උපදෙස් දෙනු ලැබුවා.

මෙම ‘පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය’ සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට හැකියාව ඇති කර්මාන්තයක්. ගමේ පොළ ඉලක්ක කර ගෙන පොල්කටු භාණ්ඩ නිපදවා පලක් නැහැ. අපිට සාර්ථක ව්‍යවසායකයන් පිරිසක් බිහි කළ හැක්කේ විදෙස් වෙළඳපොළ ඉලක්කකරගත් පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයක් බිහි කළහොත් පමණයි. මේ ශිල්පීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය ලබා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් එකඟතාව පළ කළා. මෙම ජාත්‍යන්තර තලයේ පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය රට තුළ සිදුවන විට ඊට අදාළ අපනයන වෙළඳපොළ අවස්ථා නිර්මාණය කර දීමට ද අමාත්‍යතුමන් සූදානම් බව පැවසුවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Image may contain: indoor

No photo description available.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More