දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ කොමිසමේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ඔක්තෝබර් මස 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔක්තෝබර් මස 06 වනදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඔවුන් දෙදෙනා පළමු වරට කොමිසම හමුවේ පෙනී සිටින අතර ඔවුන් දෙදෙනාට අදාළව දින දෙක තුළ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද (22) දැනුම් දුන්නේය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පළමු වරට සාක්ෂි ලබා දීම සඳහා කොමිසම පැමිණ තිබූ අතර එම සාක්ෂි වලට සවන්දීම සඳහා හිටපු ජනාධිපති වරයා කොමිසමට පැමිණ තිබුණි.

පෙරවරු 10.00ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපති වරයා දහවල් 12 .10 කොමිසමෙන් පිටව ගියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More