දේශීය පුවත්

පසුගිය මාස දෙකක් තුළදී රටේ විවිධ පළාත්වල රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කර ඇති පරිසර හානිය පිළිබඳව සොයා බලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තමා විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලට මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුව නැතැයි ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

අදාළ පාරිසරික විනාශය පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ලිපි මගින් දැනුවත් කර ඇතත් මේ දක්වා සාධනීය මැදිහත්වීමක් කර නොමැති නිසා ලබන මස 03දා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

රට තුළ විවිධ ප‍්‍රදේශවල පාරිසරිකව වැදගත් සංවේදී කලාප, රක්ෂිත සහ පරිවාර වනාන්තර මේ අයුරින් විනාශමුඛයට ගෙන යමින් සිටින බවද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ වනාතවිල්ලූව එළුවන්කුළම කුරටියාමුල්ල වනාන්තර පද්ධතියක අක්කර 10ක් ගස් කපා විනාශ කිරීම, උඩවලව ජාතික වනෝද්‍යානයේ තණමල්විල බෝදාගම අක්කර 40ක වනාන්තරයක් ඩෝසර් කිරීම, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ එලල්ල ගම්මානය ආශ‍්‍රිත යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ අක්කර 150ක වනාන්තරයක් විනාශ කිරීම, පුත්තලම ආනවිලූන්දාවේ රම්සා අභයභූමියට අයත් ආරක්ෂා කළ යුතු භූමියේ අක්කර 2.5ක් ඩෝසර් කිරීම, හොරොව්පතාන රත්මලේ රක්ෂිතයේ අක්කර 150ක් ඩෝසර් කිරීම, සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවන නෙළුව-ලංකාගම-පිටදෙනිය මාර්ගය වෙනුවෙන් ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් වර්ග මීටර් 1320ක් විනාශ කිරීම, පොළොන්නරුව වැලිකන්ද සෝමාවතිය රක්ෂිතයේ අක්කර 100ක් ගස් කපා හෙළි කර දහයියා දමා ගිනි තැබීම සහ හන්තාන, නකල්ස්, රන්දෙණිගල, මොරවැව, කිරින්ද සහ මඩකලපුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රක්ෂිත වනාන්තර විනාශ කරමින් සුවිශාල පරිසර හානියක් සිදු කර ඇතැයිද සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More