දේශීය පුවත්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17දෙනෙකු මේ වන විටත් ආණ්ඩුව සමග එක්වීමට කැමැත්ත පළකර ඇති බව කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17දෙනෙකු නොව මන්ත්‍රීවරුන් 20දෙනෙකු ආණ්ඩු පක්ෂයට ගැනීමට කටයුතු කරන බවයි.

මේ වන විටත් අග්‍රාමාත්‍යවරයාට, තමන්ට මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකට දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇමතිකම්, මෝටර් රථ ඇතුළු වරප්‍රසාද නොමැති බව පවසමින් හඩාවැලපෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාවේදී කියා සිටියේ

“තමන් රටට ලොවට වදාපු අම්මලා තාත්තලාට අවමාන කරන කිසිම පුද්ගලයෙක්, කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නෑ. තමන්ගේ ආත්මය තුට්ටු දෙකට, සිල්ලරයට, ඇමැතිකම්වලට, වරදානවලට, වරප්‍රසාද වලට, මුදලට පාවාදෙන කිසිම පුද්ගලයෙක් සමගි ජන බලවේගයේ නෑ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More