දේශීය පුවත්

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනා එල්ලවන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දීමේ වුවමනාවෙන් තොරතුරු විමසන්නේ නම් තොරතුරු ලබා දීමට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඊයේ (21) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවය.

2015 දී ජනාධිපතිවරයෙක් පත්කරගත්තේ දූෂණ හා වංචා හොයන්න නේද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“ඔව්. කවදාවත් දූෂිතයෙක් තව දූෂිතයෙකුට දඬුවම් දෙන්නෙ නෑ. බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකින් දූෂිතයෙක්ට දඬුවම් දෙන්න උත්සහා කරනවාවම් අපි ඒ උත්සාහයට සහය දෙනවා. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ චෝදනා ඇති හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වාගේම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දෙන්න සූදානමින් තොරතුරු අහනවා නම් හෙට ගිහින් තොරතුරු ලබා දෙන්න මා ලෑස්තියි“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More