දේශීය පුවත්

ඊයේ (21) දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීම සහ පක්ෂ නායක රැස්වීම් වලදී විමල් වීරවංශ – වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිවරුන් විසින් ඉතා දැඩි ලෙස මතු කළ කරුණු පිළිබඳව නැවත සලකා බලා 20 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

රට පුරා පැන නැගී ඇති විරෝධතාවයන්ට සංවේදී වෙමින් අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව විගණන කොමිසම නැවත පිහිටුවීම, රජයට අයත් සමාගම් විගණනය කිරීම, හදිසි පනත් සම්මත කිරීමේ ප්‍රතිපාදනය ඉවත් කිරීම යන කරුණු 03 පිළිබඳව දැනටමත් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවේ. නමුත් ද්විත්ව පුරවැසි ගැටළු මේවන තුරු විසඳී නැති බවද වාර්තාවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More