විදේශ පුවත්

රුසියාව විසින් නිපදවා එරට මහජනතාවට භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන කොරෝනා වෛරසයට එරෙහි ‘ස්පුට්නික් වී’ එන්නතේ මාත‍්‍රා බිලියන 1.2 ක් මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල් 10ක් විසින් වෙන් කරවාගෙන ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පළ වන දිනපතා ජාත්‍යන්තර පුවත්පතක් වන ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත ඊයේ (21දා) වාර්තා කර තිබේ.

මහජන භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති මෙම එන්නතේ අත්හදා බැලීම්වල සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විමසා බලමින් සිටින අතර ලොව පුරා රටවල කොරෝනා වෛරසයේ දෙවැනි වසංගතයක් හට ගෙන ඇති මොහොතක ආසියානු, දකුණු ඇමරිකානු හා මැදපෙරදිග රටවල් 10ක් විසින් මෙසේ කලින්ම එම එන්නතේ මාත‍්‍රාවන් වෙන් කරගෙන තිබේ.

රුසියාවේ මොස්කව් නගරයේ පිහිටි ගමාලයා ආයතනය විසින් නිපදවා ඇති මෙම එන්නතේ පසුකාලීන සායන අත්හදාබැලීම් සිදු කිරීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි ඩොක්ටර් රෙඞ්ඩිස් ලැබොරටරිස් සමාගම හවුල් කර ගැනීමට රුසියාව තීරණය කර ඇත. ඉන්දීය බෙහෙත් සමාගමකට මෙම එන්නත ඉන්දියාවේ නිපදවීමේ කටයුත්ත භාර දීමටද සැලසුම් කර තිබේ.

දැනට රුසියානු කොරෝනා එන්නතේ මාත‍්‍රාවන් සිය රටවල ජනතාවට ලබා දීම සඳහා වෙන් කරගෙන ඇති රටවල් 10 අතර ඉන්දියාව, බ‍්‍රසීලය, දකුණු අපි‍්‍රකාව මෙක්සිකෝව හා සවුදි අරාබිය යන රටවල් වෙයි.

මේ වනවිට ලොව පුරා රටවල පූර්ව සායන හා සායන මට්ටමේ අත්හදා බලමින් තිබෙන කොරෝනා මර්දන එන්නත් සංඛ්‍යාව 182 කි. එම එන්නත්වලින් 09 ක්ම මිනිසුන්ට අත්හදා බැලීමේ තුන්වැනි අදියරේ නැතහොත් අවසන් අදියරේ පවතී. මෙතෙක් ඉන්දියාවෙන් පමණක් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත් සංඛ්‍යාව 8 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More