20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (22 දා) දිනයේදී පාර්ලිමේන්තු සභා ගැබ තුළ දැඩි විරෝධයක් දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊයේ (21 දා) පැවති කණ්ඩායම් රැස්වීමේදී මේ බව තීරණය කර ඇති අතර එම තදබල විරෝධය දක්වන ආකාරය කෙසේ විය යුතුද යන්න පිළිබඳව අද (22 දා) පෙරවරුවේදී රැස්වී සාකච්ඡා කිරීමට ද තීරණය වී තිබේ.
මෙම තදබල විරෝධය දක්වන ආකාරය පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, හරින් ප‍්‍රනාන්දු සහ නලින් බණ්ඩාර යන මන්තී‍්‍රවරුන් ඊයේ (21 දා) වෙනම සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
ඒ අනුව අද (22 දා) දිනයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සභා ගැබ තුළදී ආණ්ඩුවට දැනෙන පරිදි තදබල විරෝධතාවක් දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එහි මන්තී‍්‍රවරයකු පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...